Saturday, April 27, 2024
Follow Us
යුපුන් අලුත් කළ වාර්තාව

තත්පර 10 අඩුකාලයකින් මීටර් 100 ඉසව්ව නිම කළ යුපුන්


ශ්‍රී ලංකාවේ කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් මීටර් 100 ඉසව්වේ දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාව යළි අලුත් කිරීමට (03) සමත් වුණි.

ස්විට්සර්ලන්තයේ පැවැති 42 වන රෙසිස්ප්‍රින්ට් ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේදී එම ඉසව්ව තත්පර 9.96කින් අවසන් කරමිනි.

ඔහුගේ තරග නිමි කාලය වාර්තා අතරට එක් වුණේ නව දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාවක් ලෙසය.

මීට පෙර එම වාර්තාව ඔහු විසින්ම පිහිටුවා තිබූ අතර එහිදී කාලය සටහන් වුණේ තත්තර 10.06 ලෙසය.

තත්පර 10 අඩුකාලයකින් මීටර් 100 ඉසව්ව නිම කළ පළමු දකුණු ආසියානු ක්‍රීඩකයා ලෙසද යුපුන් අබේකෝන් වාර්තා අතරට එක් වුණි.

Aruna