Sunday, January 11, 2026
Follow Us
රුසියාව ශ්‍රී ලංකාව ගැන ගත් තීරණය

ආර්ථික අර්බුදයෙන් මිදීම සදහා ගත් පියවර


රුසියාවේ සහාය මෙරටට ලබාදෙන බවට රුසියානු තානාපති Yury Materiy සහතික වී තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ රුසියානු තානාපතිවරයා සහ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් අතර හමුවක් පසුගියදා පැවැති අතර එහිදී තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළ බවය.

එහිදී දෙරට අතර පවතින බහුවිධ ද්විපාර්ශවික සබඳතා ඉහළ නැංවීම අරමුණකර ගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ද අවධානය යොමුව තිබේ.

පවතින ආර්ථික අර්බුදයෙන් මිදීම සදහා ගෙන ඇති පියවර කිහිපයක් සම්බන්ධයෙන් ද ජී.එල් පීරිස් අමාත්‍යවරයා එහිදී තානාපතිවරයා දැනුවත් කර ඇත

Aruna