Wednesday, September 17, 2025
Follow Us
ජපානයට ශ්‍රමිකයින් පිටත් කිරීමේ වැඩසටහන වේගවත් කෙරේ

රටේ ගැටලු විසඳීම සඳහා විදේශගත ශ්‍රමිකයින්ගෙන් මාසිකව ඇමරිකානු ඩොලර් මිලියන පන්සියයක් රට තුළට ගෙන්වා ගැනීමේ ඉලක්කය ඇතිව ප්‍රායෝගික වැඩසටහනක් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අතරම ජපානය වැනි ඉහළ ආදායම් ලබාගත හැකි රටවල් සඳහා ශ්‍රමිකයින් පිටත් කිරීමේ වැඩසටහනත් වේගවත් කිරීමට කටයුතු කර ඇත.

ජපානයේ සාත්තු සේවක රැකියා සඳහා පුහුණුව ලැබූ පස් දෙනෙකු වෙනුවෙන් ඊයේ දිනයේදී (29) ගුවන් ටිකට්පත් ප්‍රදානය කෙරිණ.

ඊයේ සිට තවත් විසි දෙදෙනෙකුගේ යුත් කණ්ඩායමක් ජපානයේ රැකියා සඳහා පිටත්ව යාමට පුහුණුව ලැබීම ආරම්භ කර ඇති අතර ලබන 20 වැනිදා පිටත්ව යන එම කණ්ඩායමට සාත්තු සේවක ක්ෂේත්‍රයේ ශ්‍රමිකයින් 8 දෙනෙක් සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශ්‍රමිකයින් 14 දෙනෙක් ඇතුළත් වේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීම මත ජපන් රැකියා සඳහා ශ්‍රමිකයින් පිටත් කර යවන අතර එසේ යැවෙන ජපාන රැකියා අපේක්ෂිතයින් කිසිම අවස්ථාවක දී අතරමැදියන්ට මුදල් ගෙවීමට අවශ්‍ය නැති බව අමාත්‍යවරයා අවධාරණය කරයි.

LNW