Wednesday, September 17, 2025
Follow Us
රුසියානු තානාපති සහ ජනපති අතර හමුවක් - ඉන්ධන ගෑස් සහ ගුවන් ගමන් ගැනත් සාකච්ඡා

මෙරට රුසියානු තානාපති යූරි මැටේරි සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් 27 සිදු වුණා. ඒ, කොටුව ජනාධිපති මන්දිරයේදී යි. ශ්‍රී ලංකාව හා රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 65 වන සංවත්සරය මෙම වසරට යෙදී තිබෙනවා.

ශක්තිමත් රාජ්‍ය සබඳතාව සහ දෙරට අතර පවතින මිත්‍රත්වය සිහිපත් කළ ජනාධිපතිවරයා කොවිඩ් මර්දන ක්‍රියාවලියේදී මෙන්ම අවශ්‍ය සෑමවිටම රුසියාවෙන් ලැබෙන සහාය එහිදී පැසසුමට ලක් කළා.

තේ සඳහා රුසියාවෙන් ඇති ඉල්ලුම තවදුරටත් වර්ධනය කර ගැනීම, සංචාරක කර්මාන්තය, ඉන්ධන, ගල් අඟුරු, ගෑස්, ගුවන් ගමන්, අධ්‍යාපන, වෙළෙඳාම, පොහොර ඇතුළු වැදගත් ආර්ථික ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රුසියානු තානාපතිවරයා අතර සාකච්ඡාවට ලක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

Neth