Sunday, January 11, 2026
Follow Us
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව නැව් සේවාවක්

ලංකාවට බඩු ගෙන්න ගන්න අලුත් විදියක්


තමිල්නාඩුව සහ කන්කසන්තුරෙයි වරායන් අතර භාණ්ඩ නැව් සේවාව සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය ලබා ගත් බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි.

තමිල්නාඩුවේ පොන්ඩිචේරි, කාරෙක්කාල් වරායන්වල සිට කන්කසන්තුරේ වරාය දක්වා භාණ්ඩ නැව් සේවාවක් ආරම්භ කිරීමට අනුමැතිය ලැබී තිබේ.

නුදුරේදිම භාණ්ඩ ප්‍රවාහන බෝට්ටු සේවාවක් ද ආරම්භ කිරීමට හැකි වන බවත් මෙම බෝට්ටු සේවාව හරහා ජනතාවට අවශ්‍ය වන ඉන්ධන, පොහොර, කිරිපිටි, ඖෂධ යන භාණ්ඩ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, සාධාරණ මිලකට ලබාගැනීමට අවස්ථාව ලැබී ඇති බව ධීවර අමාත්‍යවරයා පැවසීය.

Aruna