Wednesday, September 17, 2025
Follow Us
ටෙස්ට් තරඟාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. නායක දිමුත් කරුණාරත්නගෙන් යුත් සංචිතයට පැතුම් නිස්සංක, ඕෂධ ප්‍රනාන්දු, අන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, කමිදු මෙන්ඩිස්, සහ නිරෝෂන් දික්වැල්ල අයත්.

ඊට අමතරව දිනේෂ් චන්දිමාල්, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ඩිල්ශාන් මධුෂංක, ප්‍රවීන් ජයවික්‍රම, ලසිත් ඇඹුල්දෙණිය සහ ජෙෆ්රි වැන්ඩසේ එම සංචිතයට අයත් වනවා. දුලිත් වෙල්ලාලගේ සහ ලක්ෂිත රසංජන නම් කර ඇත්තේ අතිරේඛ ක්‍රීඩකයින් ලෙසයි.

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියට තරඟ දෙකක් ඇතුලත්. එම තරඟ දෙක පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි. දෙරට අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ලබන 29වනදා පැවැත්වීමට නියමිතයි.

Neth