Wednesday, September 17, 2025
Follow Us
ඉදිරි මාස 03 අත්‍යවශ්‍ය ආහාරවලින් සියයට 90 ක් ඉන්දියාවෙන්

ඉදිරි මාස 03 දී මෙරටට ගෙන්වන අත්‍යවශ්‍ය භාණ්ඩවලින් සියයට 90 ක් ඉන්දියාවෙන් ආනයනය කරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා. ඔහු සඳහන් කළේ ඉදිරියේදී සහල් හෝ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩයක හිගයක් ඇතිවීමට ඉඩ නොතබන බවයි. ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට අමෙරිකානු ඩොලර් මිලියන 180 ක් හිමිවීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

ඉකුත් සතියක කාලය තුළ පරිප්පු සහ සීනි මිල සැලකිය යුතු ලෙස වැඩිවී ඇති බවත්, තත්ත්වය පාලනය නොවුන හොත් සීනි සහ පරිප්පු සඳහා පාලන මිලක් පනවන බවත් ඔහු පැවසුවා. ඒ නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින්.

Neth