Wednesday, September 17, 2025
Follow Us
සිංහ - කැන්ගරු තුන්වන එක්දින ගැටුම අද

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන 03 වන එක්දින ක්‍රිකට් තරගය අද පස්වරුවේ පැවැත්වෙනවා. ඒ, කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීයි. පාදයේ ආබාධයකට ලක්ව සිටින වනිඳු හසරංගට මෙම තරගය ද අහිමි වනවා. ඔහුට සති 02 ක කාලයක් විවේක ගැනීමට සිදුවනු ඇති බවයි වාර්තා වුණේ.

එක්දින තරග 05 කින් යුත් ක්‍රිකට් තරගාවලියේ මේවනවිට කණ්ඩායම් 02 ම එක් තරගය බැගින් ජයගෙන තිබෙනවා. ඩක්වත් ලුවිස් න්‍යායට අනුවයි කණ්ඩායම් 02 ටම ජය හිමිවුණේ. ඒ අනුව පල්ලේකැලේ පැවැති පළමු තරගයේ ජය ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුළු 02 කින් ජය ගත්තා.

දෙරට අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැක්වූ දක්ෂතා මත එම තරගයේ ජය තමන් සතුකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

Neth