Wednesday, September 17, 2025
Follow Us
ඉන්දියාවෙන් සහල් මෙට්ට්‍රික් ටොන් 50,000ක් ගෙන්වීමට රජය තීරණය කරයි

ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ සහල් මෙට්‍රික් ටොන් 50,000ක් ගෙන්වීමට රජය තීරණය කර තිබෙනවා.



මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව වෙත වෙන් කර දීමට අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදි තීරණය විය.

මෙමගින් ඉදිරියේදි මතුවිය හැකි සහල් හිඟය මග හරවා ගැනීමටත්, සහල් මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාම පාලනය කිරිමටත් අපේක්ෂා කෙරේ.

ඉන්දියානු ණය ආධාර වැඩසටහන සම්බන්ධයෙන් අද අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මෙම සාකච්ඡාව සඳහා වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු , පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා, හිටපු අමාත්‍ය සාගල රත්නායක අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරීන් සහභාගී වූ බවයි වාර්තා වන්නේ.

Neth