Wednesday, September 17, 2025
Follow Us
අද තරගයට වනිදු අවිනිශ්චිතයි

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරඟය අද පැවැත්වෙනවා. ඒ, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී. දිවා රාත්‍රී තරඟයක් වන මෙම තරඟය ආරම්භ වන්නේ සවස 2.30 ටයි.

තරඟ 05 කින් සමන්විත එක්දින තරඟාවලිය මේ වන විට 1-0ක් ලෙස පෙරමුණේ පසුවන්නේ ඔස්ට්‍රේලියාවයි. ඒ අනුව තරඟාවලියේ ජයග්‍රහණයට පිවිසීම සඳහා ශ්‍රී ලංකාවට අද තරඟය වැදගත් වනවා.

පළමු තරඟයේදී අබාධයකට ලක්වූ වනිඳු හසරංග බොහෝදුරට අද තරඟයට ක්‍රීඩා නොකරනු ඇති බවටයි වාර්තා වන්නේ. ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ද වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇති බවට වාර්තා පළ වනවා. ඒ, ඔවුන්ගේ ද ප්‍රභල ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ආබාධවලට ලක්වීම හේතුවෙන්.

Neth