Wednesday, September 17, 2025
Follow Us
චීන සහල් තොගය ලැබෙන දිනය

චීනයෙන් ලංකාවට පරිත්‍යාගයක්


චීනය විසින් මෙරටට පරිත්‍යාග කළ සහල් තොගයක් ලබන 25 වනදා මෙරටට ලැබීමට නියමිතව තිබේ.

රෙන්මින්බි මිලියන 500ක වටිනාකමින් යුත් සහල් තොගයක පළමු කොටස සහිත නෞකාව කොළඹ වරායට ළඟාවීමට නියමිත බව මෙරට චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

චීනයෙන් ලබාදෙන එම සහල් තොගය කාණ්ඩ 6ක් යටතේ මෙරටට හිමි වේ.

එම සහල් තොගයේ දෙවන කොටස රැගත් නෞකාව ලබන 30 වනදා කොළඹට ළඟාවීමට නියමිතය.

පාසල් ආහාර වැඩසටහන යටතේ සහල් මෙට්‍රික්ටොන් 10,000ක් අඩු ආදායම්ලාභී පවුල්වල ළමුන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට කටයුතු කරන බව මෙරට චීන තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්ය.

Aruna