Thursday, November 06, 2025
Follow Us
ඉන්දියාවෙන් සංචාරකයන් ගෙන්වන්න යයි

ඩොලර් මිලියන 800ක් සොයන්න සැලැස්මක්


ඉදිරි මාස හය සඳහා ඉන්දියාවෙන් සංචාරකයන් ගෙන්වා ගැනීමට සැලැස්මක් සකස් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට ඊයේ (14 ) උපදෙස් ලබා දී ඇත.

ඒ සඳහා ඉන්දියාවේ සිට පලාලි ගුවන් තොටුපොළ අතර මෙහෙයුම් යළි ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලබා දුන් බවද අගමැතිවරයා කියා සිටියේය. සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමග අගමැතිවරයා ඊයේ (14 වැනිදා) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකදී මේ පිළිබඳ කරුණු අනාවරණය විය.

ඉදිරි මාස හයක කාලය තුළ සංචාරකයන් ලක්ෂ අටක් ගෙන්වා ඇමරිකානු ඩොලර් මිලියන 800 ආදායමක් ලබා ගැනීමට සංචාරක සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇත.

වසර 2025 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 3.5ක ආදායමක් ලබා ගැනීමටද නියමිත අතර ඒ සඳහා රැස්වීම්, ප්‍රවර්ධන, සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන පවත්වන ලෙසද අගමැතිවරයා උපදෙස් ලබා දී තිබේ. හෝටල්වල ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ සේවකයන්ගෙන් බහුතරය රැකියාව හැරගොස් ඇති බැවින් හෝටල් පාසල්වලට වැඩි වශයෙන් සේවකයන් බඳවා ගැනීමටද මෙහි දී තීරණය විය. සංස්කෘතික උත්සව සංවිධානය කිරීම, ගාලු සාහිත්‍ය උළෙල යළි පැවැත්වීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු විය.

Aruna