සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල කඩිනමින් ලබා දීමට පියවර
ඉන්දියානු ණය ආධාර යටතේ හිමි වූ රුපියල් බිලියනක මුදලින් රුපියල් මිලියන 65ක් වැය කර පෙළපොත් සහ අභ්‍යාස පොත් මුද්‍රණයට අවශ්‍ය කඩදාසි ඉදිරි සති තුනක කාලය ඇතුළත තමිල්නාඩුවෙන් ආනයනය කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කර තිබේ.
මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය කඩදාසි,තීන්ත ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය ප්‍රමාණය ගණනය කර අදාළ තොරතුරු වෙළෙඳ අමාත්‍යංශයට, භාණ්ඩාගාරයට සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට මේ වන විට දැනුම් දී අවසන් බවයි.
ඇඹිලිපිටියේ සහ වාලච්චේන කර්මාන්ත ශාලාවල කලකට ඉහතදී කඩදාසි නිෂ්පාදනය සිදු වුණත් මේ වන විට අදාළ ද්‍රව්‍ය පිටරටින් ගෙන ඒමට සිදුවී තිබේ.
ශිෂ්‍යත්ව හා උසස් පෙළ විභාග මේ වසරේ අනිවාර්යෙන් ම පැවැත්වෙන බව ද පැවැති උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල හැකි ඉක්මනින් ලබා දීමට පියවර ගන්නා බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
උසස් පෙළ විභාගය පැවැත්වීමට පෙර දිවයින පුරා සමීක්ෂණයක් සිදු කොට අදාළ විෂය නිර්දේශ අවසන් කර ඇති ආකාරය පිළිබඳව වාර්තාවක් ලබාගෙන ඒ අනුව ප්‍රශ්න පත්‍ර සැකසෙන බවත් උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් අගෝස්තු සැප්තැම්බර් මාසවලදී විශේෂ වැඩමුළු දීප ව්‍යාප්ත මට්ටමින් පවත්වා මඟහැරුණු අධ්‍යාපනය යළි ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
Aruna