Wednesday, September 17, 2025
Follow Us
හර්ෂගේ ප්‍රකාශයට මාලදිවයිනේ හිටපු ජනපතිගෙන් පිළිතුරක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සිය නම සඳහන් කරමින් සිදුකළ ප්‍රකාශය නිවැරදි නොවන බව මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් පවසනවා.

පසුගියදා පැවති වැඩසටහනකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා තමන් සහ මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාවක් සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

කෙසේවෙතත් එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් මාලදිවයිනේ හිටපු ජනාදිපති මොහොමඩ් නෂීඩ් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව පත්ව ඇති තත්ත්වය සම්බන්ධයෙන් රටවල් ගණනාවක් උදව් කිරීමේ අපේක්ෂාවෙන් පසුවන බවයි. එකී සහයන් කඩිනමින් ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවද මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

Neth