ශ්‍රි ලංකාවේ දැනට පවතින ආර්ථික තත්වය ඉහල නැංවීම සදහා අදහස් සහ යෝජනා ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චන්ග් පවසනවා. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් තානාපතිවරිය මේ බව සදහන් කළා.
ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්වී ෂෙන්හොං සමග පැවැත්වූ සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් අදහස් පල වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික වාතාවරණය සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ බවයි ඇමරිකානු තානාපති ජූලි චන්ග් නිකුත් කළ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
Neth