ඉකුත් සමයේ ශ්‍රී ලංකාව මුහුණදුන් බැරෑරුම්, සමාජ හා ආර්ථික තත්වයන් පිළිබද ජාත්‍යන්තර ප්‍රජාව අවබෝධයෙන් සිටිනු ඇතැයි තමන් විශ්වාස කරන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් අද ප්‍රකාශ කළා. ඒ, ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 50 වන සැසිවාරය අමතමින්.
එහිදී අමාත්‍යවරයා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 21 වන සංශෝධනයේ අවශ්‍යතා පිළිබදවද අවධාරණය කර තිබෙනවා.
ඩයස් පෝරා ප්‍රජාව සමග සහ ශ්‍රී ලංකාවේ යහපැවැත්ම සදහා කැපවී සිටින සිවිල් සමාජ සංවිධාන සමග සම්බන්ධ වීම සදහා ශ්‍රී ලංකාව විවෘතව පවතින බවද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළ බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ.
Neth