Thursday, November 06, 2025
Follow Us
මැයි මාසයේ වැඩියෙන් ඩොලර් ලැබිලා

ඩොලර් ගැන සුභ ආරංචියක්


ශ්‍රී ලංකාවේ විදෙස් ගත ශ්‍රමිකයන් ශ්‍රී ලංකාව වෙත එවන ප්‍රේෂණ අප්‍රේල් මාසයට සාපෙක්ෂව මැයි මාසයේදී සැලකිය යුතු තත්ත්වයකින් ඉහළ ගොස් තිබෙන බවට වාර්තා වී ඇත.

කෙසේ වෙතත් මෙම වර්ෂයේ මැයි මාසයේදී ශ්‍රී ලංකාවට ලැබුණ විදෙස් ප්‍රේෂණ 2021 වසරේ මැයි මාසයට සාපෙක්ෂව තවමත් පහළ මට්ටමක පවතී.

ශ්‍රී ලාංකික විදේශිකයන් මැයි මාසයේදී ප්‍රේෂණ ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 304.1ක් යොමුකර ඇති අතර අප්‍රේල් මාසයේදී එම අගය ඇමෙරිකානු ඩොලර් මිලියන 248.9 ක් විය.

2021 වසරේදී මැයි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 460.1ක විදෙස් ප්‍රේෂණ ලැබී තිබෙන බවට වාර්තා වී තිබේ.

Aruna