Wednesday, September 17, 2025
Follow Us
විදෙස් සංචාරයන් වහාම අවලංගු කිරීමට තීරණයක්

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ජූලි මාසයට අදාළ සියලු විදෙස් සංචාරයන් වහාම අවලංගු කිරීමට තීරණය කර තිබේ.

උන්වහන්සේගේ දණ හිසේ හටගෙන ඇති ආබාධ තත්ත්වයක් හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා ක‍ළේය.

ඒ අනුව ජූලි මස 2 වනදා ආරම්භවීමට නියමිත තිබු ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අප්‍රිකානු සංචාරයන් වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර ඇති අතර මේ සම්බන්ධයෙන් අප්‍රිකානු ජනතාවගෙන් තමන් සමාව ඇයැද සිටින බව පාප් වහන්සේ නිවේදනය කර තිබේ.

85 හැවිරිදි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට හට ගෙන ඇති දණහිසේ ආබාධ තත්ත්වයක් හේතුවෙන් උන්වහන්සේ මාසයකට අධික කාලයක් රෝද පුටුවක් භාවිතා කරන බවද සඳහන්.

Aruna