Monday, March 09, 2026
Follow Us
විදේශ අමාත්‍ය ජී එල් පීරිස් සහ ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් සහ ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය රිචඩ් මාල්ස් අතර හමුවක් සිංගප්පූරුවේදී සිදුවුණා. ඒ, සිංගප්පූරුවේ පැවැති ෂැංග්‍රිලා සංවාදය අතරතුරදීයි. එහිදී විදේශ අමාත්‍ය ජී එල් පීරිස් විසින් ඔස්ට්‍රේලියාවේ නව රජයට සුබ පැතුම් ද එක් කර තිබෙනවා.

මේ අතර ලෝක ආහාර වැඩසටහන සහ ආහාර හා කෘෂිකර්ම සංවිධානය හරහා ශ්‍රී ලංකා ආහාර සුරක්ෂිතතාවය ඉහළ නැංවීමට ලබාදෙන ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 2 යි දශම 5 ක ඉලක්ක ගත සංවර්ධන සහය ප්‍රකාශයට පත් කිරීම වෙනුවෙන් ජී එල් පීරිස් අමාත්‍යවරයා එහිදී ඔස්ට්‍රේලියානු රජය වෙත සිය ස්තූතිය පළ කර තිබෙනවා.

Neth