කෘෂිකාර්මික කටයුතු සම්බන්ධ නියෝජ්‍ය ඇමතිගෙන් චෝදනාවක්
රුසියාව එල්ල කළ ප්‍රහාරවලින් තමන් සතු තිරිඟු ටොන් ලක්ෂ තුනක් විනාශ වී ඇතැයි යුක්රේනයේ කෘෂිකාර්මික කටයුතු සම්බන්ධ නියෝජ්‍ය අමාත්‍ය ටරාස් යොටොස්කී චෝදනා කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
යුක්රේනය අපනයනය සඳහා ඔවුන්ගේ තිරිඟු අස්වැන්න ගබඩා කරනු ලබන්නේ කළු මුහුද ආශ්‍රිතව පිහිටි මිකොලායිව් වරාය නගරයේ ගබඩා අංඝනයේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ තිරිඟුවලට අමතරව තවත් ධාන්‍ය වර්ග රැසකන් මෙහි ගබඩා කර තිබූ බවත් රුසියන් ප්‍රහාර හේතුවෙන් ඒවා විනාශ වී ඇති බවත් ය.
Aruna