Wednesday, September 17, 2025
Follow Us
ඉන්දීයාවෙන් ණයට එන අවසන් ඩීසල් නැව ලබන සතියේ

ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ මෙරටට ලැබෙන අවසන් ඩීසල් නෞකාව ලබන 16 වනදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා. ඒ, 10 පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

කෙසේවෙතත් ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා හැරීම තවදුරටත් සීමා සහිතව සිදුවන බව නෙත් නිවුස් කළ සොයාබැලීමකදී හෙළි වුණා. ඩීසල් සහ පෙට්‍රල් ලබා ගැනීම සඳහා දිවයිනේ ඇතැම් ස්ථානවල අදත් දිගු පෝලිම් දක්නට ලැබුණු අතර නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ ඇතැම් ඉන්ධන පිරවුම්හල් වසා දමා ඇති බවයි.

මේ අතර පොසොන් පොහොයට පෙර දින එනම් ජූනි 13 වන සඳුදා රජයේ නිවාඩු දිනයක් ලෙස අද ප්‍රකාශයට පත් කළා. එමෙන්ම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසැල් සඳහා ද එදින නිවාඩු දිනයක් ලෙසයි ප්‍රකාශයට පත් කර ඇත්තේ.

Neth