Wednesday, September 17, 2025
Follow Us
පොහොර දෙන්න කථාකරගන්න, ඉන්දීය නියෝජිතයින් ශ්‍රී ලංකාවට

යල කන්නයට අවශ්‍ය පොහොර ඉන්දියාවෙන් ලබා ගැනීමට අදාල ගිවිසුම්වලට අත්සන් තැබීම සදහා ඉන්දීය නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ අදාල පොහොර තොගය ලබන මාසයේදි මෙරටට ලැබෙනු ඇති බවයි.

මේ අතර යල කන්නයේ කුඹුරු වගාව සඳහා යොදා ගන්නා බිම් ප්‍රමාණය ඊයේ දිනය වනවිට හෙක්ටෙයාර් හාරලක්ෂ 46,440 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 2022 යල කන්නය තුළ කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් වගා කිරීමට සැලසුම් කර තිබු සමස්ත කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් හයලක්ෂ 1,261ක්. ඒ අනුව මේ වනවිට අපේක්ෂිත කුඹුරු ප්‍රමාණයෙන් සියයට 90ක පමණ ආසන්න මට්ටමක් දක්වා වී වගා කිරීමට හැකියාව ලැබී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ. ඉකුත් මැයි මස පළමු සතිය වන තෙක් ගොවි ජනතාව වගා කර තිබුණේ කුඹුරු හෙක්ටෙයාර් දෙලක්ෂ 66,500ක් පමණයි.

ඉන්දීය රජය විසින් යුරියා පොහොර මෙට්ට්‍රික් ටොන් 65,000 ක් මෙරටට ලැබීමට නියමිත අතර ඉන් මෙට්ට්‍රික් ටොන් 50,000ක් මෙවර යල කන්නයට යොදාගැනීමට නියමිතයි. තවත් 10,000ක් තේ වගාවටත්, ඉතිරි මෙට්ට්‍රික් ටොන් 5,000 බඩඉරිගු වගාවටත් ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ.

Neth