ලංකාවේ ආර්ථික අර්බුදයට බංග්ලාදේශයෙන් පරිත්‍යාගයක්
පවතින අර්බුදය තුළ ශ්‍රී ලංකාවට අර්තාපල් තොගයක් පරිත්‍යාග කිරීමට බංග්ලාදේශය තීරණය කර ඇත. දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංගමයේ (සාර්ක්) මහ ලේකම් ඇසල රුවන් වීරකෝන් සමග පැවැති සාකච්ඡාවකදී බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා විසින් මෙම තීරණය දැනුම්දී ඇති බව ඩකා ට්‍රිබියුන් පුවත්පත වාර්තා කරයි.
ශ්‍රී ලංකාවේ උද්ගතව ඇති ආර්ථික අර්බුදයට කොවිඩ් වසංගතය හේතුවී ඇති බව සාර්ක් මහලේකම්වරයා මෙහිදී අගමැතිවරියට පවසා ඇති අතර, බංග්ලාදේශය විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති සහයෝගය අගය කරන බවද සඳහන් කර තිබේ. ශ්‍රී ලංකාවේ සහල් නිෂ්පාදනය 50% කින් පහත වැටී ඇති බැවින් රටට දැන් පොහොර අවශ්‍ය බව මහ ලේකම්වරයා පෙන්වාදී ඇත.
බංග්ලාදේශය අවශ්‍යතා වැඩි විශාල ජනගහනයක් සිටින රටක් වුවද, මේ මොහොතේ අසීරුවට පත්ව සිටින ශ්‍රී ලංකාවට අර්තාපල් ලබා දිය හැකි බව අගමැති ෂීක් හසීනා එහිදී පවසා ඇත.
Aruna