Saturday, July 05, 2025
Follow Us
බොරිස් ජොන්සන් ට එරෙහි විශ්වාසභංගය අද?

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා ට එරෙහිව ගොනුවන විශ්වාසභංගය සඳහා ඡන්දය විමසීම අද (06) දින සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන්නේ බ්‍රිතාන්‍ය පාලක පක්ෂය වන කන්සර්වේටිව් පක්ෂය විසින් වීම ද විශේෂත්වයක්.

මෙම විශ්වාසභංගය සඳහා මත විමසීම අද දවස තුළ සිදුවනු ඇති බව 1922 ටෝරි කමිටු ප්‍රධානී ග්‍රැහැම් බ්‍රේඩි පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.

බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍යවරයා පාලක පක්ෂයේ නායකයා වන අතර, ඔහුට එරෙහිව විශ්වාසභංග මතවිමසුමක් පැවැත්වීමට අවශ්‍ය සියයට 15 ක ඉල්ලීමේ සීමාව පාර්ලිමේන්තුවේ ඉක්මවා ඇති බව හෙතෙම ප්‍රකාශ කළේය.

ඒ අනුව, පාර්ලිමේන්තු සම්ප්‍රදායට ප්‍රකාරව බ්‍රිතාන්‍යයේ වේලාවෙන් ප.ව. 6.00 – ප.ව. 8.00 අතර කාලය තුළ මෙම මත විමසුම පැවැත්වෙනු ඇති අතර, ඡන්ද ගණනය කිරීම ඡන්දය පැවැත්වූ සැනින් සිදුකිරීමට නියමිතය.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතාට තම ධුරයේ රැඳී සිටීමට මෙම මත විමසුමේදී සියයට 50 ක පාලක පක්ෂයේ සහාය අවශ්‍ය වන අතර, එවත් එක් ඡන්දයක් අවශ්‍යය. ඒ අනුව, බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා කෙරේ ඇති විශ්වාසය තහවුරු කිරීමට සමස්ත මන්ත්‍රී ඡන්ද 180ක් අවශ්‍යය.

ඔහු මෙම විශ්වාසභංගයෙන් ජයග්‍රහණය කළහොත්, කුමන විරෝධතා මධ්‍යයේ වූවද තව වසරක කාලයක් බලයේ රැඳී සිටීමට බොරිස් ජොන්සන් ට හැකිය.

කුපක්‍රට පාර්ටිගේට් සිදුවීම සමඟ බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා කෙරේ ඇති අප්‍රසාදය උඩුදිව ගිය අන්දම පසුගිය කාලය පුරාවට ම දක්නට ලැබිණි.

OUTBOUNDTODAY ISURU PARAKRAMA