Monday, January 12, 2026
Follow Us
පිපිරීමකින් 50ක් මරුට

බහාලුම් ගබඩාවක ඇති වූ දැවැන්ත පිපිරීම


බංග්ලාදේශයේ චිතගොං නගරයේ සිට කිලෝමීටර් 40 ක් දුරින් පිහිටි නගරයක වැඩබිමක සිදුවූ දැවැන්ත පිපිරීමක් සමග ඇති වූ ගින්නකින් මියගිය සංඛ්‍යාව 50 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් 300 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

බහාලූම් අංගනයක මෙම පිපිරීම සිදුවී ඇති අතර එම බහාලූම්වල රසායනික ද්‍රව්‍ය පවා ගබඩා කර තිබී ඇතැයි සඳහන් වේ.

තුවාල ලැබූ ඇතැමුන්ගේ තත්වය බරපතල වන අතර ඉන් ඇතැමුන්ගේ සිරුරෙන් සියයට 60 ත් 90 ත් අතර දක්වා පිළිස්සුම් තුවාල දක්නට ලැබෙන බව බංග්ලාදේශ වාර්තාවල සඳහන් වේ.

Aruna