වෙඩි ප්‍රහාරයෙන් බැතිමතුන් 50 දෙනෙකු මරුට
නයිජීරියාවේ ඔන්ඩෝ ප්‍රාන්තයේ කතෝලික දේවස්ථානයකට ඊයේ (05) රාත්‍රියේ ආයුධ සන්නද්ධ පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
එම දේවස්ථානයේ බැතිමතුන් ඉලක්ක කරගනිමින් ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ප්‍රහාරයෙන් පුද්ගලයින් 50 දෙනෙකු පමණ මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
තුවක්කරුවන් විසින් තවත් බැතිමතුන් කිහිපදෙනෙකු පැහැරගෙන ගොස් ඇති අතර ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු සංවිධානයක් විසින් භාරගෙන නොමැති බව වාර්තා වේ.
Aruna