Saturday, July 05, 2025
Follow Us
රුසියානුවන් ලංකාවෙන් පිටවෙයි

එරෝෆ්ලෝට් ගුවන් යානයක් ලංකාවට ඇවිත් යයි


අද (05) උදෑසන මොස්කව් සිට හිස්ව පැමිණි Aeroflot එයාර්ලයින්ස් එයාර්බස් A330-300 මීට ටික වේලාවකට පෙර කටුනායක ගුවන්තොටුපොළින් පිටව ගොස් තිබේ.

ඒ කොළඹ සිටි රුසියානුවන් 275 දෙනෙකු ද සමගය.

රුසියානු එරොෆ්ලෝට් මගී ගුවන් යානයට මෙරටින් පිටත්වීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය පසුගිය බ්‍රහස්පතින්දා වාරණ නියෝගයක් පැනවීය.

මේ අතර රුසියානු එරොෆ්ලෝට් මගී ගුවන් යානය සම්බන්ධ ගැටලුව ශ්‍රී ලංකාව හා රුසියාව අතර අර්බුදයක් නොව අධිකරණය හමුවේ ඇති පෞද්ගලික නීතිමය ගැටලුවක් පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා රුසියාවට නිල වශයෙන් දැනුම් දී තිබේ.

එම ගැටලුවට අදාළ අධිකරණ ක්‍රියාමාර්ග කඩිනම් කරන ලෙසටද අග්‍රාමාත්‍යවරයා අධිකරණ අමාත්‍යවරයාට උපදෙස් දී ඇති බවද වාර්තා වේ.

Aruna