Monday, January 12, 2026
Follow Us
චීනය ලබාදුන් ඖෂධ තොගය දිවයිනට

චීනය පරිත්‍යාග කළ අත්‍යාවශ්‍ය ඖෂධ 14 ක් ඇතුළු ඖෂධ සහ උපකරණ තොගය මෙරටට රැගෙන විත් තිබෙනවා. භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් ඊයේ රාත්‍රියේ එම තොගය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එම ඖෂධ සහ උපකරණ තොගයේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 28ක්. මෙම ඖෂධ තොගය පරිත්‍යාග කර ඇත්තේ චීන රජය මෙන්ම එරට විවිධ බෞද්ධ සමිති සංවිධාන ඇතුළු නොයෙකුත් ප්‍රජා සංවිධාන විසින් බවයි ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොං පැවසුවේ.

එම ඖෂධ සහ උපකරණ තොගය භාර ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණරත්න ඇතුළු පිරිසක් පැමිණ සිටි බවද කටුනායක ගුවන් තොටුපළ නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.

Neth