Monday, January 12, 2026
Follow Us
මාලිංගට පැවරුණු වගකීම

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත් තීරණය


සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහි එක්දින සහ 20 යි 20 තරගාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙසට ලසිත් මාලිංග පත්කර තිබේ.

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු 20යි 20 තරගය ලබන 7 වනදා ආරම්භ වීමට නියමිත ව තිබේ

මෙම තරගාවලියට අදාළ ප්‍රවේශ පත්‍රවල මිල ගණන් පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම මිල ගණන් මෙසේ යි

* කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණය
රුපියල් 300, 1500, 2500, 4000, 5000

* මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය
රුපියල් 300, 2000, 4000, 5000, 6500

* ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
300, 500, 1000, 5000, 7500

Aruna