ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ ලබාගැනීම සඳහා මැදිහත් වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබෙනවා. ඒ, අග්‍රාමාත්‍යවරයා ද මෙරට ඖෂධ හිඟය සම්බන්ධයෙන් කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින්. මීට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් මුණ ගැසුණා.
එහිදී ශ්‍රී ලංකා නියෝජිතයින් පෙන්වා දී ඇත්තේ මෙරටට ඖෂධ වර්ග 18,000 ක් අවශ්‍ය වන බවයි. එම ඖෂධ තොග මාස 03 ක්, 06 ක් සහ වසරක් වැනි කාලයක් තුළ ලබාදීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීමටයි ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර ඇත්තේ.
අදාළ ඖෂධ අතරින් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 20 කට වැඩි ප්‍රමාණයක් සහ ශල්‍ය උපකරණ මෙරටට ලබාදෙන ලෙස ශ්‍රී ලංකා නියෝජිතයින් මේ වන විටත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ තොග ලබාදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සෙසු රටවල් සමඟ ද සාකච්ඡා කරමින් ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර චීනයෙන් මෙරටට ලබාදෙන ඖෂධ තොගයක් ඉදිරි දින 03 තුළ ලැබීමට නියමිතයි.
Neth