Saturday, July 05, 2025
Follow Us
විදෙස්ගත ශ්‍රමිකයින් ඩොලර් එවා පාකිස්තානය ගොඩ ගනී

පාකිස්තානය මේවනවිට මුහුණ පා ඇති දරුණු ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා විදෙස් රටවල සිටින එරට ශ්‍රමිකයින් වැඩි දායකත්වයක් සපයා ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. ඒ අනුව 2021 - 2022 වසර තුළ පාකිස්තානයට සැලකිය යුතු ප්‍රේෂණ ගලාඒමක් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

එම වාර්තාවලට අනුව විදෙස් රටවල සිටින පාකිස්තානු වැසියන් ඩොලර් එවීම හේතුවෙන් 2021 - 2022 මූල්‍ය වසර තුළ සැලකිය යුතු ලෙස ප්‍රේෂණ ගලාඒමක් සිදුව තිබෙනවා.

ඒ අනුව 2021 - 2022 මූල්‍ය වසරේ මුල් මාස 09 තුළ පමණක් විදෙස්ගත පාකිස්තානුවන් විසින් ඩොලර් බිලියන 23ක ප්‍රේෂණ එවීමක් සිදුකර ඇති අතර මාර්තු මාසයේදී එරටට ප්‍රේෂණ ගලා ඒම ඩොලර් බිලියන 2.8 ක් බවයි වාර්තා වන්නේ.

පාකිස්තාන රාජ්‍ය බැංකුව අනාවරණ කර ඇති පරිදි එය කම්කරුවන්ගේ ප්‍රේෂණ සඳහා මෙතෙක් පැවති ඉහළම මාසික මට්ටම බවට ද වාර්තා වනවා.

 

Neth