Monday, January 12, 2026
Follow Us
බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 2 ක ඖෂධ තොගයක්

අමෙරිකානු ඩොලර් මිලියන 2 යි දශම 2 ක් වටිනා අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් බංග්ලාදේශය මෙරටට පරිත්‍යාග කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ මෙරට බංග්ලාදේශ මහ කොමසාරිස් තරීක් එම් ඩී අරිෆුල් ස්ලාම් විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත එම ඖෂධ තොගය භාරදුන් බවයි.

එම ඖෂධ තොගය අතර ප්‍රතිජීවක ඖෂධ මෙන්ම පිළිකා, අධි රුධිර පීඩනය, වෛරස, අපස්මාරය හා ඇදුම ඇතුළු රෝග වලින් පෙළෙන රෝගීන් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළුව ඖෂධ වර්ග 79 ක් පමණ වන බව ද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළා.

පවතින අර්බුදකාරී තත්ත්වය මධ්‍යයේ ශ්‍රී ලංකාව දැඩි මිත්‍රශීලී රටක් ලෙස සලකා කටයුතු කරන බවයි එම අවස්ථාවට එක්වෙමින් මෙරට බංග්ලාදේශ මහ කොමාසරිස්වරයා සඳහන් කර ඇත්තේ.

Neth