Thursday, May 02, 2024
Follow Us
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනට

ලංකාවේ ආරක්ෂිත බව ගැන අපට සහතිකයක් ලැබුණා – මිචෙල්


ලබන ජූනි 07 වැනිදායින් ඇරැඹෙන ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා සංචාරයේදී සිය කණ්ඩායමේ ආරක්ෂාව සම්බන්ධයෙන් තරග සංවිධායකයන් සහතික වී ඇතැයි ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්වෙප්සන් මාධ්‍ය වෙත පවසා තිබේ.

මෙම තරගාවලියට පෙර මෙරට වාතාවරණය සම්බන්ධයෙන් සමාලෝචනය පිණිස රැස්වීම් කිහිපයක්ම පවත්වා ඉන් අනතුරුව මෙම තරගාවලිය ඉදිරියට කරගෙන යාමට තීරණය වුණි.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ස්වෙප්සන් “අපි දේශපාලනික වශයෙන් ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින සමහර දේවල් ගැන අසා ඇත්තෙමු, එය පකිස්තානය සමඟ සිදුවෙමින් පවතින දෙයට සමානයි, අපගේ ආරක්ෂාව භාර කණ්ඩායම සිදුවෙමින් පවතින දේ පිළිබඳව අපට විස්තර කර සතිපතා අපව යාවත්කාලීන කරනවා. අපි එහි ආරක්ෂිත බවට ඔවුන් අපට සහතික වී ඇති අතර ඒ නිසාම ක්‍රිකට් තරගාවලියට පූර්ණ අවධානය යොමුකර ඉන්නේ’ යි පැවසුවේය.

මෙම ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ඕස්ට්‍රේලියානු සංචිතය අද (01 වැනිදා) ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිතය.

Aruna