Thursday, May 02, 2024
Follow Us
රුසියානු ඉන්ධන තහනම් කිරීමේ සම්මුතියකට යුරෝපා සංගමයේ එකඟතාව

රුසියාවෙන් ඉන්ධන ආනයනය තහනම් කිරීම සදහා සම්මුති ගිවිසුමකට එලඹීමට යුරෝපා සංගමය එකගත්වයකට පැමිණ තිබෙනවා. ඒ අනුව රුසියානු තෙල් ආනයනයෙන් 3න් 2කට වඩා අවහිර කිරීමේ සැලැස්මකට යුරෝපා සංගම් නායකයන් එකගතාව පල කර ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

යුරෝපා කවුන්සිලයේ ප්‍රධානී චාල්ස් මයිකල් ප්‍රකාශ කර ඇත්තේ මෙම තහනම මගින් යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සදහා රුසියාවට ප්‍රබල පීඩනයක් එල්ල කරනු ඇති බවයි. බ්‍රසෙල්ස් නුවර පැවති යුරෝපා සංගමයේ සමුළුවකදී මෙම එකගතාවන්ට එළඹ ඇති අතර එය රුසියාවට එරෙහිව පැනවුණු 06වන සම්බාධක මාලාවයි.

රුසියාවේ විශාලතම බැංකු සහ රජය සතු විද්‍යුත් විකාශන ආයතන ඉලක්ක කර ගෙනද නව සම්බාධක මාලාවක් පැනවීමට යුරෝපා සංගමය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

Neth