Friday, May 03, 2024
Follow Us
රුසියාව ඉලක්ක කළ හැකි රොකට් පද්ධති යුක්‍රේනයට නොදෙන බව අමෙරිකාව කියයි

රුසියාව ඉලක්ක කළ හැකි රොකට් පද්ධති යුක්රේනයට ලබානොදෙන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසනවා. රුසියාවට එරෙහි සටන සඳහා දිගු දුර රොකට් පද්ධති යුක්‍රේනයට ලබා දීමට ඇමරිකාව සූදානම් වන බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඇමරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර යුක්‍රේන ජනාධිපති ව්ලැද්මියර් සෙලෙන්ස්කි යුද්ධයෙන් හානියට පත් කාර්කිව් නගරයේ ඉකුත්දා සංචාරයක නිරත වුණා. ඒ, රුසියානු හමුදා ඩොන්බාස් කලාපයේ ප්‍රධාන නගර අත්පත් කර ගිනිමින් සිටින පසුබිමකයි.

එම සංචාරය අතරතුර කාර්කිව් නගරයේ ආරක්ෂක ප්‍රධානියා ධූරයෙන් ඉවත් කිරීමට යුක්‍රේන ජනාධිපතිවරයා පියවර ගෙන තිබුණා. ඒ, ඔහු නගරය ආරක්ෂා කිරීමට අසමත් වූ බවට චෝදනා කරමින්.

Neth