Thursday, May 02, 2024
Follow Us
ශ්‍රී ලාංකිකයන්ට මැලේසියාවෙන් රැකියා

මැලේසියානු පුහුණු මධ්‍යස්ථානයක් ළඟදීම මෙරටට


විදේශ රැකියා සහ කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර සහ මෙරට සිටින මැලේසියානු මහ කොමසාරිස් ටැං යැං තායි අතර හමුවක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේදී පවත්වා ඇත.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර විදේශ රැකියා නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටි 2016 වසරේදී මැලේසියානු පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවීම සදහා දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේය.

එම ගිවිසුම නැවත සලකා බලා කඩිනමින් පුහුණු මධ්‍යස්ථානය පිහිටුවීමට අදාල පියවර ගැනීමට ඇමැතිවරයා සහ මහ කොමසාරිස්වරයා එකඟත්වය පල කළේය.

කොරෝනා වංසගතයෙන් පසුව මේ වන විට නැවත වරක් මැලේසියාව විදේශ ගත ශ්‍රමිකයින් සදහා දොරටු විවෘත කර ඇති බව පැවසූ මැලේසියානු මහ කොමසාරිස්වරයා ලංකාවේ ශ්‍රමිකයින් සදහා වැඩි රැකියා අවස්ථාවන් ප්‍රමාණයක් ලබාදෙන ලෙසට අමාත්‍යවරයා කළ ඉල්ලීමට එකගත්වය පල කළේය.

විශේෂයෙන්ම නිෂ්පාදන අංශයේ රැකියා සදහා වැඩි ශ්‍රමිකයින් පිරිසක් යැවීමටත්, ඔවුන්ට ආරම්භ කිරීමට අපේක්ෂිත මැලේසියානු පුහුණු මධ්‍යස්ථානය හරහා විශේෂ පුහුණුවක් ලබාදීමටත් මෙහිදී අවධානය යොමුවිය.

මැලේසියාවේ ශ්‍රමිකයින් සදහා අවම වැටුපක් හදුන්වාදී ඇති අතර, ලංකාවේ සිට මැලේසියාවට ගොස් රැකියා කරන ශ්‍රමිකයින්ගේ සේවා ගිවිසුම් සදහා එම අවම වැටුප ඇතුළත් කිරීමට හැකි බවද මැලේසියානු මහ කොමසාරිස්වරයා ඇමැතිවරයාට දැනුම් දී තිබේ.

Aruna