Thursday, May 02, 2024
Follow Us
ලංකාවට ඩොලර් මිලියන් 700ක් ලැබෙනවා කිව්ව කතාව බොරුවක් ලූ

රටට බොරු කිව්වේ චියෝ කන්දා ද විදේශ ඇමති ද?


ඉදිරි මාස කිහිපය තුළ දී ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 700ක් ලබාදෙන බවට ලෝක බැංකුවේ කොළඹ සිටින කළමනාකරු චියෝ කන්දා ප්‍රකාශ කර ඇති බවට විදේශ කටයුතු අමාත්‍යාංශය සිදුකල ප්‍රකාශය සාවද්‍ය ප්‍රකාශයක් බව ලෝක බැංකුව පවසයි.

ප්‍රමාණවත් සර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබා දීමට සැලසුම් නොකරන බවත් මේ වන විට පවතින තත්ත්ව‍ය යටතේ එවැනි නිශ්චිත මුදල් ප්‍රමාණයක් සැපයීම පිළිබඳව කිසිදු එකඟතාවක් නොමැති බව ලෝක බැංකු අධ්‍යක්ෂ ෆරීස් එච්. හදාද් – සාවෝ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Aruna