Monday, January 12, 2026
Follow Us
ඉන්දියාවේ සිට මානුෂීය ආධාර රැගත් නෞකාව කොළඹ වරායට ලඟා වෙයි

ඉන්දීය ජනතාවගේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබුණු රුපියල් බිලියන 2 කට අධික ඖෂධ සහ කිරිපිටි මෙන්ම සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොගය රැගත් නෞකාව 22 පස්වරුවේ කොළඹ වරායට ලගා වුණා.



එහිදී එම ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොගය නිල වශයෙන් මෙරටට භාරදීම සිදුවුණේ මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේගේ ද සහභාගීත්වයෙන්.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්, වරාය හා නාවික අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මෙන්ම හිටපු අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන සහ සාගල රත්නායක ද එම අවස්ථාව සහභාගී වුණා.

(Neth)