Friday, April 19, 2024
Follow Us
ඕස්ට්‍රේලියාවේ බල පෙරළියක් - අලුත් අග්‍රාමාත්‍යවරයෙකුත් පත්වෙයි

වසර 10 කට ආසන්න කාලයකදී සිදුවූ බල පෙරළියක් ද සමගින් ඕස්ට්‍රේලියාවට නව අග්‍රාමාත්‍යවරයෙක් පත්වී තිබෙනවා. ඒ, ඊයේ පැවැති මහ මැතිවරණයේ ප්‍රථිපල අනුවයි.

ඒ අනුව වසර 09 ක් පමණ ඕස්ට්‍රේලියාවේ පාලන තන්ත්‍රය මෙහෙයවූ ලිබරල් පක්ෂයට බලය අහිමි වනු ඇති. මැතිවරණ ප්‍රතිපල අනුව නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්ව ඇත්තේ ඇන්තනී ඇල්බනීස්. ඇල්බනීස්ගේ තේරී පත්වීමත් සමග ඉදිරි වසර 03 සඳහා ඕස්ට්‍රේලියාවේ පාලන බලය එරට කම්කරු පක්ෂයට හිමිවනු ඇති.

කෙසේවෙතත් දැනට නිකුත් වී ඇති ප්‍රතිපල අනුව ඇන්තනී ඇල්බනීස් හට බහුතර බලය පවතින්නේ ද යන්න ප්‍රකාශයට පත්වී නොමැති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. දේශපාලනික වෙනසක් වෙනුවෙන් ඕස්ට්‍රේලියානු වැසියන් මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කර ඇතැයි පාක්ෂිකයින් අමතමින් ඇන්තනී ඇල්බනීස් සඳහන් කළා.

සියලු ඕස්ට්‍රේලියානුවන් බෙදීමකින් තොරව එක් කර තැබීම වෙනුවෙන් කම්කරු පක්ෂය කැපවි සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

(Neth)