Friday, July 04, 2025
Follow Us
 ඉන්දියාවෙන් තවත් ඩීසල් නැවක් ශ්‍රී ලංකාවට

ඉන්දියාව ඉන්ධන මිල අඩු කරයි


ඉන්දීය ණය ආධාර යටතේ තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් මෙරටට ලැබී තිබේ.

ඊයේ (21) පස්වරුවේ එම ඉන්ධන තොගය රැගත් නෞකාව දිවයිනට පැමිණි බව අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේය.

මේ අතර ඉන්දීය රජය එරට තුළ පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් පහත දමා තිබේ.

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් පැවසුවේ රජය මගින් අය කරන බදු අනුපාතය පහත හෙළීම මගින් පෙට්‍රල් ලීටරයක මිල ඉන්දීය රුපියල් 9 යි ශත 50 කින් සහ ඩීසල් ලීටරයක මිල ඉන්දීය රුපියල් හතකින් අඩු වන බවයි.

ඉන්දියාව මෙලෙස ඉන්ධන මිල අඩු කිරීමට පියවර ගෙන ඇත්තේ ඉහළ යන උද්ධමනය පාලනය කිරීම අරමුනිණි.

(Aruna)