Monday, January 12, 2026
Follow Us
ශ්‍රී ලංකාව හා ඇමැරිකාව අතර වැදගත් කතා බහක්

ඇමෙරිකානු තානාපති හමුදාපති හමු වේ


ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලි.ජේ.චන්ග් අද (20) නාවික හමුදා මුලස්ථානයේදී නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතන්න මහතා හමුවිය.

මෙම හමුවේදී නාවික හමුදාපති හා ඇමෙරිකානු තානාපති ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබද සාකච්චා කර ඇති බව වාර්තා වේ.

නාවික හමුදාපති හා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති හමු වූ පළමු අවස්ථාව මෙය විය.

මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ හමුදා උපදේශක , ලුතිනන් කර්නල් ට්‍රැවිස් කොෂ් සහ නාවික උපදේශක ලුතිනන් කොමාණ්ඩර් රිචඩ් ලිස්ටර් යන නිලධාරීන් ද සහභාගී වී ඇත.

(Aruna)