Sunday, July 13, 2025
Follow Us
ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දි ප්‍රමාද වන ලකුණු

ශ්‍රී ලංකා මුහුදුු සීමාවේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා රජයට හිමිවිය යුතු දෙවන වන්දි මුදල ලැබීම ප්‍රමාද වී තිබෙනවා.

නෞකාවෙන් සිදුවූ හානියට අදාළ වන්දි මුදල් අයකර ගැනීම අදියර 03 ක් යටතේ ක්‍රියාත්මකයි. පළමු අදියරේදී අමෙරිකානු ඩොලර් මිලියන 03 යි දශම 6 ක මුදලක් මෙරටට ලැබී තිබුණා.

දෙවන අදියරේ සමස්ථ වන්දි මුදල අමෙරිකානු ඩොලර් මිලියන 04 කට ආසන්නයි. පළමු කොටස ලෙස ඉන් අමෙරිකානු ඩොලර් මිලියන 02 යි දශම 1 යි 5 ක් ලබාදීමට අදාළ සමාගම එකග වී ඇතත් මේවනතෙක් එම වන්දි මුදල ශ්‍රී ලංකාවට ලැබී නැහැ.

නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනී ලහඳපුරගෙන් විමසීමක් කළා.

ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමට ලක්ව අනතුරට පත්වූයේ ඉකුත් මැයි මස 24 වනදා මධ්‍යම රාත්‍රියේයි.

ඉන් මෙරට මුහුදු පද්ධතියට සිදුවූ හානිය අතිවිශාලයි.

(Neth)