Sunday, July 13, 2025
Follow Us
පර්යේෂකයින් විමතියට පත්කළ මව්කිරි

කොවිඩ් සම්බන්ධයෙන් මව්කිරි ආශ්‍රිත පරීක්ෂණයක්

කොවිඩ් සම්බන්ධයෙන් සිදුකළ නවතම මව්කිරි ආශ්‍රිත පරීක්ෂණයකදී හෙළිවූ කරුණක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

මව්කිරි ඔස්සේ බිළඳුන් වෙත කොවිඩ් වෛරසය සම්ප්‍රේෂණය නොවන බව එහිදී අනාවරණය වී තිබෙනවා.

කැලිෆෝනියා විශ්වවිද්‍යාලය විසින් කිරි ලබාදෙන මව්වරුන් 110 දෙනෙකු යොදාගෙන මෙම පර්යේෂණය සිදුකර තිබුණා.

කෙසේ වෙතත් මව්කිරි ඔස්සේ කොවිඩ් වෛරසය අඩංගු RNA ළදරුවාට සම්ප්‍රේෂණය වී ඇති බව මෙම පරීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා.

එසේ සම්ප්‍රේෂණය වුවද ළදරුවාට කොවිඩ් නොවැළඳීම විමතියට කරුණක් බවයි පර්යේෂකයන් පවසන්නේ.

(Aruna)