Sunday, July 13, 2025
Follow Us
දකුණු කොරියානු කථානායකවරයා අද මෙරට පාර්ලිමේන්තුවේ සංචාරයක

මෙරට සිවිදින නිල සංචාරයක් සඳහා පැමිණි දකුණු කොරියානු පාර්ලිමේන්තු ජාතික සභාවේ කතානායක පාක් බියොන්ග් සියොග් අද පාර්ලිමේන්තුවේ සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා. ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ආරාධනයකට අනුවයි.

ඒ අනුව දකුණු කොරියානු ජාතික සභාවේ කතානායකවරයා අද පෙරවරු 10 ට පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණීමට නියමිතව තිබෙනවා. කතානායක මහින්ද යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක සහ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මෙහිදී දකුණු කොරියානු ජාතික සභාවේ කතානායකවරයා පිළිගැනීමට නියමිතයි.

අනතුරුව කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ දකුණු කොරියානු ජාතික සභාවේ කතානායකවරයා අතර හමුවක්ද පැවැත්වෙනවා. ඉන් අනතුරුව දකුණු කොරියානු ජාතික සභාවේ කතානායකවරයා සම්භාවණීය අමුත්තන්ගේ ගැලරියේ සිට පාර්ලිමේන්තු රැස්වීම නැරඹීමටද නියමිතයි.

(Neth)