Monday, July 07, 2025
Follow Us
චීනයට මහජන බැංකුවෙන් පිළිතුරු

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ, ආර්ථික සහ වාණිජ කාර්යාලය විසින් අසාදු ලේඛනගත කිරීම සම්බන්ධයෙන් මහජන බැංකුව ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ අනුව මහජන බැංකුව පවසන්නේ අධිකරණය විසින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගයක් හේතුවෙන් ගෙවීම් නතර වූ බවයි. අධිකරණයේ ඉදිරි තීන්දු මත ගෙවීම් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවත් මහජන බැංකුව දැනුම් දී ඇත්තේ.

මෑතකදී මහජන බැංකුව විසින් නිකුත් කළ ණයවර ලිපියට අදාළ ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලය අදාළ තීරණය ගනු ලැබුවා.

ඒ සම්බන්ධයෙන් මහජන බැංකුව විසින් නිකුත් කළ නිවේදනය පහතින්..

(Neth)