Monday, July 07, 2025
Follow Us
පොහොර වලට මුදල් නොගෙව්වාට චීනය ගත් පියවර

ගිවිසුම් කඩ කරමින් ණයවර ලිපියකට අදාළව ගෙවීම් සිදු නොකිරීම නිසා මහජන බැංකුව අසාදු ලේඛන ගත කළ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසනවා.

තානාපති කාර්යාලයේ ආර්ථික සහ වෙළෙඳ කාර්යාලය විසින් මෙම පියවර ගනු ලැබූ බවයි ඔවුන් සඳහන් කළේ.

මෙම තීරණය අනුව ශ්‍රී ලංකාව සමග සිදුකරන ජාත්‍යන්තර ගනුදෙනුවලදී මහජන බැංකුව විසින් නිකුත් කරන ණයවර ලිපි පිළිගැනීමෙන් වළකින ලෙසත්, අවදානම පාලනය කර ගැනීම සඳහා පියවර ගන්නා ලෙසට සියලුම චීන ව්‍යවසායන්ට දැනුම් දෙන බව චීන තානාපති කාර්යාලය සඳහන් කර සිටියේ.

පොහොර ගනුදෙනුවට අදාළව දෙපාර්ශ්වය අතර ඇතිකරගත් එකඟතා මත මෑතකදී විවෘත කළ ණයවර ලිපියට අදාළව ගෙවීම් කරන ලෙස චීනයේ චීනයේ චින්දාඕ සීවිං බයෝටෙක් සමාගම මහජන බැංකුවෙන් ඉල්ලා ඇතැයි තානාපති කාර්යාලය සඳහන් කළේ.

ව්‍යාපාරික නීතිරීති සහ ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රතිපත්තීන්ට අනුව මහජන බැංකුව ක්‍රියා නොකිරීම නිසා මෙම ණයවර ලිපියට අදාළ ගෙවීම් නොකිරීමෙන් චීන සමාගමට බරපතල පාඩුවක් සිදුව ඇතැයි චීන තානාපති කාර්යාලය පෙන්වා දෙනවා.

(Neth)