Thursday, July 02, 2026
Follow Us
ෂාරුක් ඛාන්ගේ පුත්‍රයා ඇප මත නිදහස්

බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන්ගේ පුත්‍රයා වන ආර්යන් ඛාන් ඇප මත නිදහස් කර තිබෙනවා.

ඒ, දින 26 ක් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටීමෙන් පසුවයි. ඔහු ඉකුත් ඔක්තෝම්බර් 2 වනදා මුම්බායි සිට ගෝවා බලා යාත්‍රා කරමින් තිබූ නෞකාවකදී අත්අඩංගුවට පත් වූයේ මත්ද්‍රව්‍ය භාවිත කළ බවට වූ චෝදනාවකටයි.

මෙම සිද්ධිය ලොව පුරා කතාබහකට ලක් වූ සිද්ධියක් වූයේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ශාරුක් ඛාන්ගේ පුත්‍රයාවීමම පමණක් නොව බොලිවුඩ් සුපිරි තරු කිහිපයකට මත්ද්‍රව්‍ය චෝදනා එල්ලවීම හේතුවෙන්.

අත්අඩංගුවට ගත් 23 හැවිරිදි ආර්යන් ඛාන් වෙනුවෙන් අවස්ථා දෙකකදි ඇප ඉල්ලා තිබුණද ඒවා ප්‍රතික්‍ෂේප වුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ෂාරුක් ඛාන් නිල වශයෙන් කිසිවක් ප්‍රකාශයට පත් කර නොමැති අතර ඇතැම් බොලිවුඩ් සුපිරු තරු ආර්යන් ඛාන් වෙනුවෙන් පෙනී සිටින්නේ මේ අතරතුරයි.

(Neth)