Sunday, February 15, 2026
Follow Us
යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාට රුසියාවේදී උණුසුම් පිළිගැනීමක්

රුසියාවේ සංචාරයක නිරත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාට එරටදී උණුසුම් පිළිගැනීමක් ලැබී තිබෙනවා.

රුසියානු හමුදාව විසින් මෑත කාලීනව පිරිනැමු ඉහලම සම්මාන ආචාර පෙලපාලියක ගෞරවාචාරය යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත එහිදි පිරිනමා ඇති බවයි යුද්ධ හමුදාව සඳහන් කළේ.

ඛණ්ඩ හතරකින් සහ හමුදා තූර්යවාදක කණ්ඩායමකින් සැදුම් ලත් සම්මාන ආචාර පෙලපාලියකින් එම ආචාර පෙළපාලිය පිරිනමා ඇති බව ද යුද්ධ හමුදාව සඳහන් කළා.

යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එරට සංචාරයක නිරත වන්නේ රුසියානු භූමි මෙහෙයුම් හමුදා ප්‍රධානී හා සේනාධිනායක ජෙනරාල් ඔලෙගේ සැලියු කෝව් කළ ආරාධනයක් අනුවයි.

(Neth)