Monday, July 07, 2025
Follow Us
අමෙරිකාව සංචාරක සීමා තවත් ලිහිල් කරයි

සිය රටට පැමිණීමට අපේක්ෂිත සංචාරකයින් වෙත පනවා තිබූ සීමා කිහිපයක් ලිහිල් කිරීමට අමෙරිකාව පියවර ගෙන තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වන නියෝගයට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව චීනය, ඉන්දියාව හා යුරෝපා රටවලින් පැමිණෙන සංචාරකයින්ට බලපැවැත්වෙන පරිදි මීට පෙර ප්‍රකාශයට පත් කර තිබූ සීමා කිහිපයක් ලිහිල් කිරීමටයි අමෙරිකාව පියවර ගෙන ඇත්තේ.

එම සීමා ලිහිල් කිරීම් ලබන 08 වනදා සිට බලපැවැත්වෙනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා. කෙසේවෙතත් අමෙරිකාවේ නව සීමාවන්ට අනුව අමෙරිකාවට ඇතුළු වන සංචාරකයින් කොරෝනා මර්දන එන්නතක මාත්‍රා 02 ම ලබාගත යුතු වනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර ඇති ඕනෑම එන්නතක් ලබාගත පුද්ගලයෙකු සිය රටට ඇතුළු කර ගන්නා බවයි අමෙරිකාව පවසන්නේ.

කෙසේවෙතත් එලෙස අනුමැතිය දී ඇති එන්නත් ලැයිස්තුවෙන් රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත ඉවත් කර ඇතැයි ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

කෙසේවෙතත් ජනාධිපති ජෝ බයිඩ්න්ගේ නව නියෝගයට අනුව කොරෝනා මර්දන එන්නත්කරණයට ලක්නොවූ වයස අවුරුදු 18 ට අඩු දරුවන්ට අමෙරිකාවට ඇතුළුවීමට අවසර හිමිවනු ඇති.

(Neth)