Monday, July 07, 2025
Follow Us
ජපාන තානාපති ජනපති හමුවෙයි

සේවය අවසන් කර දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ජපාන තානාපති සුගියාමා අකිරා මහතා (Sugiyama Akira) (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවිය.

ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ හයක් ජපාන රජයෙන් ලබා ගැනීමටත් කොවිඩ් මර්දන ක්‍රියාවලිය සාර්ථක කරගැනීම ඇතුළු සුගියාමා අකිරා මහතා විවිධාකාරයෙන් මෙරටට ලබා දුන් සේවය ජනාධිපතිතුමා විසින් ඇගයීමට ලක් කෙරිණ.

දෙරට අතර දිගුකාලීන මිත්‍රත්තවය ශක්තිමත් කරමින් අවශ්‍ය ඕනෑම මොහොතක ශ්‍රී ලංකාවට සහාය දීමට තමා උත්සාහ කරන බව ජපාන තානාපතිවරයා ජනාධිපතිතුමා සමග පැවසීය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි කට්සුකි කොටාරෝ (Katsuki Kotaro) යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

(news.lk)